Nov 07, 2019

TNA සහයත් සජිත්ට Featured

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සඳහන් කළේය.

නොබෙදුණු හා බෙදිය නොහැකි රටක් වෙනුවෙන් කැපවෙනවා

එක්සත් නොබෙදුණු සහ බෙදිය නොහැකි භේදයක් නැති දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.

ඒ, අනුව ඉලංගෙයි තමිල් අරසු, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය සහ දෙමළ ඊලාම් ජනතා විමුක්ති සංවිධානය යන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ සහය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇති.

නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක් පෙන්වා දෙයි.

ඒ අනුව, පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාරදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයෙකු වීම පෙන්වා දෙයි.

දෙවැනි කරුණ වන්නේ, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිද හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි.

තුන්වන කරුණ වන්නේ, මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවු අයෙකු වීමයි.

අවසන් කරුණ වන්නේ, සාධාරණත්වය හා සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙස කැපු ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතු බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top