Nov 07, 2019

බහුතරය ගන්නේ කවුද එයයි අගමැති

ජනතා සම්මුතියකින් තොරව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවද තම අමාත්‍ය මණ්ඩලයට දූෂණයෙන් තොර පුද්ගලයන් බඳවා ගන්නා බවත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ලැයිස්තුවෙන් වෘත්තීයවේදීන්ට හා කාන්තාවන්ට අවස්ථාව දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කරන බව හා දූෂණය පිටුදැකීමට කටයුතු කරන බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top