Nov 07, 2019

SBගේ ආරක්ෂකයින් ගැන වහාම පියවර ගන්න - ගෝඨා

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි ඔහුගේ පොලිස් නිලධාරීන් ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු කර ඇති අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නිල ට්විටර් ගිණුමේ ප්‍රතිචාර දක්වා තිබුණි.
ඔහු සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් සිදුකරන ලදැයි කියන වෙඩි තැබීම පිළිබඳව බලවත් ලෙස කණගාටු වන අතර මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාල අංශ විසින් වහා පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවයි.
 
SBගේ ආරක්ෂක නිලධාරීන් 02ක් අත්අඩංගුවට

ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ(06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුටව ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
ඊයේ පස්වරු 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේ දීය. එස්.බී.දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධාකර ඇති අතර පසුව පිටුපසින් පැමිණි රථයේ සිට ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top