Nov 07, 2019

ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම

පුද්ගලයින් දෙදෙනෙකුවවෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් අද (07) මරණ දඬුවම නියමකළේය.

හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී 2012 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු රැස්වීමට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්විය.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව ජුලම්පිටිය අමරේ පසුව පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top