Nov 08, 2019

මැතිවරණ පැමිණිලි 3000 පන්නයි

ඔක්තෝබර් මස (08) වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි පිළිබඳ පැමිණිලි 3,214ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
නීති උල්ලංඝණය කිරීම් 3,087ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 25ක් ඒ අතරට අයත් වේ. 
 
ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත මෙම පැමිණිලි ලැබී ඇති අතර ගත වූ පැය 24ක කාලය තුළ දී පැමිණිලි 131ක් ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top