Nov 08, 2019

නව පනතින් තරග පාවාදෙන්නන්ට දැඩි දඬුවම්

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත මඟින් තරග පාවාදීම්,තරග පාවාදීමට අනුබල දීම වැනි තොරතුරු වසන් කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා පවසයි.
මෙහිදී අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ යම් ප්‍රමාදයක් මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ කෙටුම්පත ඊයේ (07) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අතපසු වී ඇති බවයි.

කෙසේ වෙතත් කරුණු දැක්වීමෙන් පසුව මෙම පනත සභා සම්මත කර නීතියක් බවට පත් කිරීමට අනුමැතිය හිමිව ඇතැයි ද පැවසු ඒ මහතා මෙය ලංකාවේ පමණක් නොව ආසියාවේ ද පළමුවරට ඉදිරිපත් කරනු ලබන පනතක් බව කියා සිටියේය.

මේ තුළින් ක්‍රීඩාවේ දුෂණයට සම්බන්ධ මෙන්ම ක්‍රීඩාවේ සාධාරණ හා යුක්ති සහගත බව රැක ගැනීමට බාධා වන සියලුම වැරදි මෙම පනත මඟින් ඉදිරිපත් කර තිබේ.

ක්‍රීඩාවට යම් පාවා දීමක් කරනු ලැබු හෝ දූෂණ, නීති විරෝධි ඔට්ටු ඇල්ලීමක් වැලැක්වීම සඳහා හෝ වරදවා සිදුවුවහොත් මහාධිකරණයක නඩු විභාගයකින් පසුව, සම්පූර්ණයෙන්ම චෝදනාවේ වැරදිකරු බවට පත් වුවහොත් මිලියන 100 දක්වා දඩයක් හා වසර 10ක සිරදඩුවමකට ලක්වෙන බවද යම් කිසි පුද්ගලයෙකු විසින් මෙම පනතට අදාළ දුෂිත ක්‍රියාවක් සිදුකර එයට තොරතුරු ලබා දීම මඟහැරිය හොත් හිතාමාතා එයට වසර 2ක සිරදඩුවමක් හා ලක්ෂ 3 දඩයකට යටත්වන අතර ක්‍රීඩාව පිරිසිදු කිරීමේ අරමුණින් මෙය සිදු කරනු ලැබු බවත් පැවසු ඒ මහතා මෙය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති සියලූම ක්‍රීඩා සඳහා මෙම නීතිය යටත්වෙන බවත් පණ්ඩුකාභය මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top