Nov 08, 2019

නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත වෙයි

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට ඉහතදී විවෘත කෙරිණි.
යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක පිහිටුවීම සඳහා 2011 වසරේදී මුල්ගල තැබිණි.

අක්කර 77ක භූමි භාගයක ක්‍රියාත්මක කෙරුණු එම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 53යි දශම 3ක් වන අතර එහි පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද්ධ හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද (08)  විවෘත කරනු ලැබීය.

ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු ඵලකය විවෘත කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top