Nov 09, 2019

සරසවි 15 ක් මිලියන 7,083ක් ප්‍රයෝජනයට අරං නෑ Featured

මෙරට විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

මෙයට අමතරව විශ්ව විද්‍යාල වෙත වාර්ෂිකව ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන අදාළ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගෙන රඳවා තබාගෙන තිබෙන බවද ඒ අනුව 2017.12.31 වන දිනට විශ්ව විද්‍යල විසින් රඳවා තබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1,416ක් බවද පැවසේ.

විශ්ව විද්‍යාල විසින් මෙලෙස බැංකු ගිණුම් වල මුදල් ආයෝජනය කිරීම වෙනුවට විශ්ව විද්‍යාල කටයුතු වෙනුවෙන් යෙදවූයේ නම් භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කරගැනීම තුළින් ඒක පුද්ගල ණය බර අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බවද කෝප් කමිටු වාර්තාවෙන් අණාවරණය කර තිබේ.

වසර 5ක් තුළ 45% සිට 38.7% දක්වා අඩුවෙලා

මේ අතර විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව හා එයින් තෝරාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2013/14 වර්ෂයේ සිට 2017/18 දක්වා වසර 05 ක කාලයක් තුළ 45% සිට 38.7% දක්වා අඩු වී ඇතැයිද මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ කාර්ය සාධනය සලකා බැලීමේදී කාර්ය මණ්ඩල විසින් එළඹෙන බැඳුම්කර ගිවිසුම් කඩ කිරීම හා එම කඩකිරීම නිසා රජයට අය විය යුතු මුදල් අයකර ගැනිමට කටයුතු නොකිරීම නිසා එලෙස කඩකරන ලද ගිවිසුම් 519 ක් වෙනුවෙන් රජයට අය විය යුතු මුදල රුපියල් 836,133,700 කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top