Nov 09, 2019

නාමල්ගෙන් ගෝඨාට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රාජද්‍රෝහී වෙමින් අපරාධමය වරදක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්න මහතා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ ජනාධිපති අපේක්ෂක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසිනි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාවක් නොවන බව පැහැදිළිව තිබියදී දඬුවමින් ගැලවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති මෙම ක්‍රියාවෙන් ශ්‍රී ලංකා රජය මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කරන ලද රාජ්‍යක් ලෙස ජාත්‍යන්තරය හමුවේ හෑල්ලුවට ලක්වී ඇති බව මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.

මෙම ක්‍රියාව හේතුවෙන් මෙරටට ජාත්‍යන්තර සම්බාධක පවා පැනවීමේ අවධානමක් ඇති බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකළ පැමිණිල්ල පහතින් දැක්වේ.

Gota1 670px 19 11 09

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top