Nov 09, 2019

ඔබේ දරුවා ගැනත් කල්පනාවෙන්, FB සාදයකින් මත්ද්‍රව්‍ය සමග 30ක් දැලේ

මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලීසිය පවසයි.

මොවුන් ළඟ තිබී අයිස්, ඈෂ්, ගංජා සහ විදේශීය දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගත්බව පොලිසිය සඳහන් කරයි.

අම්පාර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 20-30 අතර වියේ පසුවන්නන් වේ.

මුහුණු පොතෙන් හඳුනා වසර 2ක් පිරීම නිමිත්තෙන් මෙම සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා රුපියල් 1000ක ඇතුල්වීමේ ගාස්තුවක්ද ගෙවා ඇති බව පොලීසිය කියයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top