Nov 09, 2019

රජරට සරසවියේ වසාදැමු පීඨ 4 යළි විවෘත කෙරෙයි

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 04 ලබන 25 වැනිදා විවෘත කරන බව පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ මෙන් ම කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු එලෙස ආරම්භ වනු ඇත.

සිසුන් අතර පැතිර යන උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04ක් පසුගිය සෙනසුරාදා වසා දැමුණේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top