Nov 10, 2019

2018ට ගත්ත ණය ඇ.ඩො. මිලියන 1241යි: වැඩි ප්‍රමාණය චීනයෙන් Featured

විදේශීය රටවල්වලින් 2018 වර්ෂයේදී සංවර්ධන කාර්යයන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 632.68ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

එම මුදල රටවල් අටකින් ලබාගෙන තිබේ.

වැඩිම මුදල වන ඩොලර් මිලියන 164.78ක් චීනයෙන් ලබාගෙන ඇති අතර, ජපානයෙන්ද ඩොලර් මිලියන 95.78ක් ලබාගෙන ඇත.

එහිදී ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව හා ඇමෙරිකාව ප්‍රධාන ලෙස ඩොලර් මිලියන 75.92ක් ලබාදී ඇත.

එම මුදල්ද ඇතුළුව ණය ලබාදෙන නියෝජිත ආයතනවලින් 2018 වර්ෂයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1241.59ක් ලබාගෙන තිබේ.

එයින් ඇ.ඩො. මිලියන 1108.67ක් ලබාගෙන ඇත්තේ ණය වශයෙනි.

ප්‍රදානයන් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 132.92ක් ලැබී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top