Nov 11, 2019

"ෂැන්ග්‍රිලා කෝටි 100ක ඩීල් එකක්" - සජින් වාස් (වීඩියෝ) Featured

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉඳිකිරීමේදී රාජපක්ෂවරුන් ගත් කොමිස් මුදල් සැඟවූ ආකාරය රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අනාවරණය කර සිටියි.

රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතා මෙන්ම හිටපු ජනාපතිගේ රහස්‍ය කටයුතු බාර නිලධාරියා ලෙස සැලකුන සජින් වාස් ගුණවර්ධන එම කරුණු අනාවරණය කරමින් මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය. 

''මේ දිවුරුම් ප්‍රකාශය නිකුත් කරන්නේ චිදම්බරම් කියන පුද්ගලයා. සිංගප්පූරුවේ ටීපීඑල් ඉන්ටර් කියන සමාගමේ ඩොලර් මිලියන 5යි. එතකොට ටීපීඑල් සමාගමයි හැලියාඩ් කියන සමාගමයි අත්සන් කරනවා උපදේශක සේවයක් ඩොලර් මිලියන පහකට.මේ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්නේ මේ සමාගෙමේ අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා සහ අයිතිකාරයා. මේකේ ගොඩක් දේවල් විස්තර තියෙනවා. මේකෙන් පැහැදිළිවම ප්‍රකාශවෙනවා මේ ගණුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5 ක් ගෙව්වා මම හිතන්නේ ආසන්නයෙන් කෝටි සීයක් විතර ලංවෙන ප්‍රමාණයක්. 

මේක තමයි ගත්ත අල්ලස හෝ කොමිස් එක. ඒ වගේම අවශ්‍ය ඕනම වෙලාවක ලංකාවේ නීතිය ඉස්සරහට ඇවිල්ලා උසාවිය ඉස්සරහට ඇවිල්ලා මේ පිළිබඳ සාක්ෂි සහටන් කිරීම හෝ වෙන ඕනම ක්‍රියාදාමයකට පෙනී සිටින්න එකඟ වෙනවා කියන එකත් ඊට අමතරව මේක සම්බන්ධයෙන් තියෙන සියලු ලියකියවිලි සහ ඊමේල් සියල්ල හරියට සනාථ කරලා ලබාදීල තියෙනවා කියලා."


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top