Nov 11, 2019

මැතිවරණ නීති කඩන අය අල්ලන්න අලුත් ගැජට් 1ක් Featured

ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කුඩා කැමරා උපයෝගී කරගෙන තොරතුරු එක්රුස් කිරීමට පොලිස් නිලධාරීන් කොට්ඨාස මට්ටමින් යෙදවීමට කටයුතු කර තිබේ.

මේ වන විටත් පොලිස් නිලධාරීන් කොට්ඨාස මට්ටමින් පුහුණු කර මැතිවරණ රාජකාරි සඳහා යොදවන විට මෙම කැමරාද රුගෙන යන බවත් අදාළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම කණ්ඩායම් කි‍්‍රයාත්මක වන බවත් මැතිවරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා පවසයි.

මෙහිදී ලබාගන්නා පටිගත කරන ලද දර්ශන අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කිරීමට පොලිසියට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු නීති විරෝධී උද්ඝෝෂණ සහ පාතාල ක‍්‍රියාකාරකම්වලට එරෙහිව මේවා භාවිතයට ගැනීමට නියමිතව ඇති බව අශෝක ධර්මසේන මහතා සදහන් කරයි.

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3,519ක්

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,519 ක් ලැබී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ප්‍රචණ්ඩ ක්‍රියා 26ක්, නීතිඋල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 3387ක් හා වෙනත් පැමිණිලි 106ක් ඒ අතර වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top