Nov 11, 2019

MCC ගිවිසුම ගැන විමසන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

එම්.සී.සී. (Millennium  Challenge  Corporation) ගිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙන එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි.

එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා , ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරති.

මෙලෙස පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සළකා බැලෙන පෙත්සම් වනුයේ නීතීඥ දර්ශන වේරදූවගේ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එම ගිවිසුමට එරෙහිව  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනය.

ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

ඒ අනුව මෙම පෙත්සම් අනිද්දා (13) වැනිදා සලකා බැලීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top