ගෝඨාභය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි අයකු බවත්, ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව, වෙනත් ඕනෑම රටක පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ජනාධිපති වීමට නුසුදුස්සකු වන බවත් එම පෙත්සමින් පෙන්වා දී තිබේ.
මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සඳහා තනි දේශීය ආයතනයක් නොමැතිවීම නිසා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ද මෙහි පිටපතක් යොමු කර ඇති බව පැවසේ.
ඊට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙතද පිටපත් යොමුකර ඇත.