Nov 13, 2019

ජනපතිවරණයට ෆේස්බුක් ස්වාධීන වෙයි : ප්‍රචාරණ මඩින්න වෙනම ටීම් දාලා Featured

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සිය සමාජ මාධ්‍ය ජාලය හරහා එල්ලවිය හැකි අනිසි බලපෑම් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇතැයි ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය කියා සිටී.

ඒ අතර, ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම, අසත්‍ය තොරතුරු ව්‍යාප්තවීම, මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වල විනිවිදභාවය තහවුරු කිරීම ඇතුලු පියවර රැසක් ඇතැයි ඔවුන් හෙළිකර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට උපරිම සහය දක්වන බවට ෆේස්බුක් ආයතනය සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණයට වෙනම කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

එමෙන්ම රටේ නීතියට පටහැණි වෙළඳ දැන්වීම් ප්‍රචාරයට ලදහොත් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ෆේස්බුක් ආයතනය සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top