Nov 13, 2019

ශවේන්ද්‍රට සහ සත්‍යප්‍රියට සේවා දිගු Featured

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මාණ්ඩලික ප්‍රධානී ධුරය හොබවන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සේවා දීර්ඝයන් දෙකක් ලබාදී ඇතැයි වාර්තා වේ.
සේනාවිධායක වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගු ලබා තිබේ.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හට මාස හයක සේවා දිගුවක් සමග 2020 මැයි 31 දක්වාත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට 2021 ජනවාරි දක්වාත් සේවා දීර්ඝයන් ලබාදී ඇත්තේ සේවයේ අවශ්‍යතාවය මතය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අගෝස්තු 21 දා 23 වන හමුදාපති ලෙස පත්වූ අතර ජනාධිපතිවරයා විසින් ඔහුට මෙම වසරේ ජූලි 22 වයස අවුරුදු 55 සපිරිදේදී දෙසැම්බර් 22 දක්වා මාස හයක සේවා දිගුවක් දී තිබිණි.

අගෝස්තු 27 දා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වයස අවුරුදු පනස්පහ සපුරා දෙසැම්බරයේ විශ්‍රාම ගැනීමට නියමිත වූ හෙයින් ලබන මැයි 31 දා දක්වා සේවා දිගුව ලබාදී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top