ජනාධිපතිවරණයට පෙර පැය 48ක කාලය නිහඬ කාලය ලෙස සලකන බව ද ඔහු කීවේ ය.
සමාජ මාධ්‍ය ජාලා මගින් මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය හෝ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ යම් යම් දෑ පළකිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
මෙම කාල සීමාව තුළදී විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන අවසන් රැලිය අද රාත්‍රී 9ට මරදානේදී පැවැත් වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන අවසන් රැලිය අද (13) සවස 6ට කැස්බෑවේ දී පැවැත් වේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් රැලිය අද රාත්‍රී 7ට දර්ගා නගරයේදී පැවැත්වේ.