Nov 14, 2019

16 සහ 17 සියලු සුරාසැල් වසා දැමේ

දිවයිනේ සියලු සුරාසැල් ලබන 16 සහ 17 යන දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව බවද වාර්තා වේ.

මේ අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදන, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ.

එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව හා දිවයින පුරා වැටලීම් සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව 1000ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top