Nov 14, 2019

මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 5800ක්

මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 5800 ක් පමණ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ලංගම ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 12න්ම මෙම බස්රථ ලබා දී ඇති අතර, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මැතිවරණ රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් රැගෙන යාම හා ගණන් කිරීම් අවසන් වීමෙන් අනතුරුව නිලධාරීන් නිවෙස් බලා ප්‍රවාහනය කිරීමට මෙම බස් රථ යෙදවීමට නියමිතයි. මීට අමතරව, පොලිස් නිලධාරීන් ප්‍රවාහනය සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ ඉල්ලුම් කර ඇත.
 
එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා අද(14) පස්වරුවේ සිට එය ක්‍රියාත්මක බව ගමනා ගමන මණ්ඩලයේ කාලසටහන් හා සැළසුම් කළමණාකාර රජීව ඩිලුක්ෂ මහතා පැවසීය. අද දිනයේ අතිරේක බස්රථ 60ක් සහ හෙට(15) දිනයේ දී මගීන් වෙනුවෙන් අතිරේක බස්රථ 140ක් පමණ යොදවා ඇත. 
 
ඡන්ද කටයුතු රාජකාරී සදහා බස්රථ 1366ක් පමණ වෙන් කර ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top