Nov 14, 2019

ව්‍යාජ ගිණුම් බිලියන 5.4ක් ඉවත් කරයි

ෆේස්බුක් සමාගම විසින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවත් කිරීමට කටයුතු කළ බව එම සමාගම පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ව්‍යාජ තොරතුරු හුවමාරු කළ ෆේස්බුක් ගිණුම් මෙසේ අත්හිටුවීමට කටයුතු කර ඇත. 
 
මෙම වසරේදී පමණක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සකස් කිරීමට උත්සාහ දරා ඇති බව එම සමාගම පෙන්වා දෙයි. එම ගිණුම් වැළැක්වීමට ද ක්‍රියා කර තිබේ. මේ සඳහා ඉදිරියේදී තවදුරටත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද එම සමාගම සදහන් කරයි.
 
බිලියන 2.5 කට ආසන්න මාසික ෆේස්බුක් පරිශීලක සංඛ්‍යාවෙන් 5% ක්ම ව්‍යාජ ගිණුම් වලින් සමන්විත බවද මෙම තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍යවල ව්‍යාජ හා නොමග යවන සුළු අන්තර්ගත රැල්ලක් සඳහා පෙළඹී ඇතැයි ද ෆේස්බුක් සමාගම පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top