Nov 15, 2019

බීමත් රියදුරන් ඇල්ලීමෙන් මාස 4ට කෝටි 62ක් Featured

බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ දැවැන්ත මෙහෙයුමෙන් මාස 4 ක කාල සීමාවකදී රුපියල් හැට දෙකෝටි පනස් ලක්‍ෂයක (රු.62,50,00,000/-) ආදායමක් රජයට උපයා දී ඇති බව පොලිස් රථවාහන අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඉකුත් ජුලි මස 05 වැනිදා මෙම බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දීප ව්‍යාප්තව ආරම්භ කළ අතර එය මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.

බීමත් රියැදුරන් 25,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අවම වශයෙන් එක් අයෙකුගෙන් රුපියල් 25,000ක දඩ මුදල් අයකර ඇති බව වාර්තා වේ.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතාම සාර්ථක නිසා එය නොනවත්වා කරගෙන යන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top