Nov 15, 2019

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ඇරඹෙයි

මෙරට 07වැනි විධායක ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (15) සිදු කරමින් පවතී.
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
 
ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇති අතර හෙට පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ පෙරහුරුවක් සෑම ඡන්ද මාධ්‍යස්ථානයකම අද පැවැත්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top