Nov 15, 2019

ජනපතිවරණයට අදාළව 90ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පුද්ගලයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඇතුළු පැමිණිලි 222ක්  පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවයි. 

නිහඩ කාල සීමාව තුළ සිද්ධින් 27ක් වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

පසුගිය මැතිවරණවලට සාපේකෂව මෙවර මැතිවරණයේදී සාධනීය ලක්ෂණ ගණනාවක් දක්නට ලැබෙනව බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top