Nov 15, 2019

ඖෂධ හිඟයක් නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් රජයේ රෝහල් කිහිපයක ඖෂධ හිගයක් පවතින බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ගෙන යන එම අසත්‍ය ප්‍රචාරය දේශපාලන වුවමනාවක් මත සංවිධානාත්මකව සිදු කරන්නක් බව අවධාරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරණය සඳහා පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක රජය අපහසුතාවයට පත් කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් මෙම ඖෂධ හිගය මැවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකු විසින් අමානුෂික උත්සාහයක නිරත වන වෙමින් සිටින බවද ලබන වසරේ අප්‍රේල් මස දක්වා මෙරට සියලු රෝහල් සදහා අවශ්‍ය වන ඖෂධ තොග මේ වන විට ජාතික සංචිතය තුළ ගබඩා කර ඇති බවත් පවතින සුළු ඖෂධ හිගයද සැලසුම් කළ පරිදි දින දෙකක් තුළ අවසන් කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top