Nov 15, 2019

මන්ත්‍රී ශාන්තගේ නඩුව දින 6කින් කල් යයි

ඇප කොන්දේසි උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාට එරෙහි නඩුව නොවැම්බර් 21 වැනිදා යළි කැඳවීමට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය අද (15) නියම කළාය.

හලාවත මහාධිකරණයේ සේවයේ නියුතු සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්  හා මහාධිකරණ සේවයෙහි නියුතු සියලු පොලිස් නිලධාරින් ජනාධිපතිවරණ රාජකාරි  සදහා නිරත වී ඇති බැවින් නඩු විභාගයන් පැවැත්විම අපහසු වන බව දන්වා හලාවත මහාධිකරණ විනිසුරුවරිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top