රාමලිංගම් මහතා මේදිනවල කොළඹ බම්බලපිටියේ, 'පර්ල් සිටි' හෝටලයේ කාමර අංක 707 හි නවාතැන් ගෙන සිටින අතර, ඔහුගෙන් අනාවැකි විමසා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් මේවනවිට වේලාවන් වෙන්කර ගැනීමට බලවත් සටනක දී සිටිති.
මෙම ඉන්දීය ජෝතිෂ්යවේදීයා මිට ඉහතදී මෙරට දේශපාලනය හා ඇතැම් දේශපාලනඥයින් සම්බන්ධයෙන් පළකර තිබු අනාවැකි ගණනාවක් පලදරා තිබීම මෙලෙස ඉල්ලුමක් පැවතීමට හේතුව බව පැවසේ.
ලංකාවේ දකුණු ප්‍රදේශයේ දේශපාලනඥයකු රාජ්‍ය බලය ලබාගන්න බවත්, ඔහු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කරන බවත් මොහු පැවසුයේ මිට වසර 20කට පමණ පෙරදී බව ද කියැවේ.
හෙලිකොප්ටරයෙන් ගුවන් ගතවේ !
ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකු පසුගියදා හෙලිකොප්ටර් යානයකින් මෙම ජෝතිෂ්යවේදීයාව තම ගම්බිම් පෙදෙසට ගෙන්වා ගෙන අනාවැකි විමසා තිබේ. එහිදී අදාළ දේශපාලනඥයාට මේ දිනවල බරපතල අපල ඇතැයි පවසා ඇති ජෝතිෂ්යවේදීයා, නොපමාව කලයුතු පුද පුජා රැසක් දැනුම් දී ඇත.
අද දිනයේ මොහුගෙන් අනාවැකි විමසීම සඳහා ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයක හිමිකරුවකුද පැමිණ සිටි අතර, අනතුරුව ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුද වරින් වර පැමිණි බව වාර්තාවේ.
පසුගියදා එජාප තරුණ ඇමතිවරයකු මොහු හමුවී ඇති අතර, 2020 වසරේදී ඔහු මෙරට ජනාධිපති වන බව ජෝතිෂ්යවේදීයා එහිදී පවසා ඇත.
හෙට දිනයේ මෙම ජෝතිෂ්යවේදීයා මන්නාරම බලා පිටත්ව යාමට නියමිතය. ඒ ප්‍රදේශ දේශපාලනඥයකුගේ ආරාධනයක් අනුවය.