Nov 16, 2019

හොර ඡන්ද පත්‍රිකා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල යතුරුපැදියක සඟවා සිටි ව්‍යාජ ඡන්ද පත්‍රිකා 25ක් සමඟ දෙදෙනකු අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ විශේෂ රාජකරියේ යෙදී සිටි පොලිසින් නිලධාරීන් විසින් සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂා කර ඇති බවත් එම යතුරු පැදියේ ආසනය යට ව්‍යාජව සකසන ලදැයි කියන ඡන්ද පත්‍රිකා 25ක් තිබී ඇති බවත් වැල්ලව පොලිසිය පවසයි.

සැකකරුවෝ අවුරුදු 36 සහ 38 වයස්වල පසුවන්නන් වේ.

ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් එක්ක උප සභාපති අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

උප සභාපතිවරයා ආදර්ශ ඡන්ද පත්‍රිකා ලඟ තබාගනිමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින බවට 119 හරහා තලවකැලේ පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත උප සභාපතිවරයාගේ නිවස පරීක්ෂා කළ අවස්තාවේ ඔහුගේ නිවස තුළ තිබී ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්‍රිකා 219 අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top