Nov 16, 2019

ජනපතිවරණයේ ඡන්ද විමසීමට විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 60, 175 ක පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ රාජකාරි සඳහා පොලිස් මුලස්ථානයේ විශේෂිත අංශ කිහිපයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top