Nov 16, 2019

ඡන්ද ලකුණු පත්‍රිකා 600ක් සමඟ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද පත්‍රිකා 600 ක ප්‍රමාණයක් සමඟ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අද (16) තල්ගස්වල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.

ප්‍රදේශය භාර ප්‍රාදේශීය තේරිම් භාර නිලධාරිවරයා ලබාදුන් තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

නගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

ජන්දය දැමීමේදී ජයාරූපගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ගාල්ල, දොඩන්දුව රෝහණ විද්‍යාලයේ දී ජන්දය ප්‍රකාශ කොට එය සිය ජංගම දුරකථනයෙන් ජයාරූපගත කළ නාවික හමුදාවේ සෙබලෙකු අද (16) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය සඳහන් කර සිටියි.

සැකකාර නාවික හමුදා සෙබලා විසින් සිය ජංගම දුරකථනය ජන්ද මධ්‍යස්ථානය වෙත සඟවාගෙන ගොස් ජන්දය සලකුණු කාරනා අයුරු ජයාරුපගත කොට ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top