“අප දෙරට සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීමට මෙන්ම සාමය, සමෘද්ධිය මෙන්ම අප කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වන බව,” ට්විටර් පණිවිඩයක් එක්කරමින් ඔහු පවසා සිටියේය.
පිළිතුරු වශයෙන් රාජපක්ෂ මහතා පවසා තිබුණේ, “අප ජාතීන් දෙක, ඉතිහාසය හා පොදු විශ්වාසයන්ගෙන් බැඳී ඇති අතර, අප මිත්රත්වය ශක්තිමත් කිරීමටත් සහ නුදුරු අනාගතයේදී ඔබව හමුවීමට මම බලාපොරොත්තු,” වන බවයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන රජය සහ නායකයා ද රාජපක්ෂ මහතා හට සුබපැතුම් එක්කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව සහ ශ්රී ලංකා රජය විසින් නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම අගය කරන බව සඳහන් කරන බව මෙම නිවේදනයේ දැක්වේ.
තවද, දෙරට අතර දැනටමත් ශක්තිමත් සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම නව ජනාධිපතිවරයා සහ ඔහුගේ පිරිස සමඟ කටයුතු කිරීමට පාකිස්තානයේ නායකත්වය බලාපොරොත්තු වන බවත්, මෙම වැදගත් සබඳතාවය නව තලයකට ගෙනයාමටත් හැකිවනු ඇති බවත් පකිස්තාන රජය සිය අධිෂ්ඨානය පළ කරයි.