Nov 18, 2019

ඇන්කෝර් පන්සල්වල අලි පැදීම තහනම් කිරීමට තීරණයක්

ලබන වසරේ මුල් භාගය වන විට කාම්බෝජය විසින් එරටේ සුප්‍රසිද්ධ ඇන්කෝර් පන්සල් උද්‍යානයේ අලින් පිට නැග යාම තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කාම්බෝජයේ උතුරු සියම් රීප් හි ඇන්කෝර් පුරාවිද්‍යා සංකීර්ණය විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරන අතර එය 2018 දී මිලියන හයක් ඉක්මවා ගියේය.ඒ අතරින් බොහෝ දෙනෙක් පුරාණ විහාරස්ථාන වටා අලි ඇතුන් පිට ගමන් කරති.

නමුත් මෙය 2020 වසරේ ආරම්භය වන විට අවසන් වනු ඇති බව  උද්‍යානය කළමනාකරණය කරන අප්සරා අධිකාරියේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

ව්‍යාපාර සඳහා අලි භාවිතා කිරීම තවදුරටත් සුදුසු නොවන බව පවසන  ඔහු සමහර සතුන් දැනටමත් වයසට ගොස් ඇති බව පවසයි.

මේ වන විට වැඩකරන අලි 14 න් 5 ක් පන්සල් වලින් කිලෝමීටර් 40 ක් ඈතින් පිහිටි ප්‍රජා වනාන්තරයකට මාරු කර යවා ඇත.

සත්ව අයිතිවාසිකම් කන්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ කාම්බෝජය විසින් මෙලෙස  අලින් පිට නැග යාමට ඉඩ ලබා දීම  පිළිබඳව චෝදනා එල්ල කරමින් සිට තිබේ.

දැඩි උණුසුම් කාලගුණයක් හේතුවෙන් 2016 දී ඇන්කෝර් වට් පන්සල් සංකීර්ණය අවට සංචාරකයින් රැගෙන යාමෙන් අලියකු පාරක් අසලදී මිය ගිය අතර මෙම සත්වයා බිම ඇද  වැටීමට පෙර මිනිත්තු 45 ක් පමණ වැඩ කරමින් සිට ඇති පව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top