අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේ ය.
එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවාද, මහ මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය දෙනවාද ආදි කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.