ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි පැවසේ.
ප්‍රධාන පුහුණුකරු, සහය පුහුණුකරු, ගෝල රකින්නන්ගේ පුහුණුකරු හා සම්බාහක යන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ දැනට තනතුරු දරන්නන්ගේ සුදුසුකම් පිළිබඳව මෙසේ ප්‍රශ්න කර තිබේ.
ලෝක පාපන්දු සමුළුවේ රෙගුලාසි අනුව රටක ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දරන්නෙකු අවම ජාත්‍යන්තර පුහුණුකරු සිව්වැනි අදියර පාඨමාලාව සමත්ව තිබිය යුතුය.
දැනට සේවය කරන ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතා ජාත්‍යන්තර ‘ඒ’ ශ්‍රේණිය පුහුණුකරු පාඨමාලාව සමත්වූවකු වන අතර කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ මෙතෙක් අදියර 4 පාපන්දු පුහුණුකරු පාඨමාලාව සමත්වූවෙකු නොමැති බැවින් පකීර් අලි මහතාගේ සේවයට අන්තර් ජාතික පාපන්දු සමුළුවේ අනුමැතිය පළවී තිබෙන බවද වාර්තා වේ.