Nov 18, 2019

විධායක බලතල ක්‍රියාත්මක කර නව රජයක් පිහිටුවනවා - ජනපති Featured

නව රජයක් පිහිටුවන බවත් රටේ යහපත වෙනුවෙන් විධායක බලතල භාවිත කරන බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වූහ.

"රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ.මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමට එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා."

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය.

"බුදුන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් කර ඇති රුවන්වැලි සෑය අභියස සිට ඔබව ඇමතීමට ලැබීම භාග්‍යයක්.ශ්‍රී ලාංකේය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම රජුවන දුටුගැමුණු රජුගෙ පිළිරුව සිට ජාතිය ඇමතීමට ලැබී තිබෙන්නේ ජනතාව දුන් ඓතිහාසික තීන්දුව නිසයි.මම ඔබව අමතන්නේ ආරක්ෂ ඇමතිවරයා වශයෙනුයි.මේ මැතිවරණ ජයග්‍රහණය සඳහා පිටුවහල වූයේ ගරුතර මහා සංඝරත්නය ලබාදුන් ආශීර්වාදය නිසයි.මේ ජයග්‍රහණයේ ප්‍රධානම සාධකය මේ රටේ බහුතර සිංහල ජනතාවයි.සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනපති ලෙස පත්විය හැකි බවට දැනගෙන සිටියත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා මට සහාය දක්වන ලෙස. නමුත් එයට ප්‍රතාචාර යහපත් මට්ටමක තිබුණේ නෑ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා සමග එක්වන ලෙසයි.මා වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඔබට ස්තූතිය ප්‍රකාශ කරනවා.මා වෙනුවෙන් ඡන්දය භාවිත කළත් නොකළත් ඔබේ වටිනා ඡන්දය භාවිත කළ අනෙකුත් ඡන්ද දායකයන්ට ස්තූතිය කරනවා.මම අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාසලක් වන ආනන්ද විදුහලේ.බෞද්ධ දර්ශනය මගේ සිතුවිලිවලට එක්ව තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ නීතිය, යුක්තිය සාධාරණත්වය තහවුරු වන ආණ්ඩුවක්."

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top