Nov 19, 2019

හේමසිරි - පූජිත් යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(19)  නියෝග කළේ ය.
මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් දුරකථන වාර්තා සහ බැංකු වාර්තා අනුව පාස්කු ප්‍රහාරය ප්‍රහාරයට සම්බන්ධ බවට වු කිසිදු තොරතුරක්  අනාවරණය නොවන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top