Nov 20, 2019

ජනපති හා ඇමති කාර්ය මණ්ඩල සීමා කෙරෙයි Featured

ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලය, අමාත්‍ය කාර්ය මණ්ඩලය හා ජනාධිපති ඇතුළු සියලුම අමාත්‍ය වරුන්ගේ නිල රථ සීමා කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇතිබව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමෙන් වියදම හා නාස්තිය අධික වන බැවින් මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම පියවර ගනිනිමට තීරණය කර ඇතැයි පැවසේ.

ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩලය 50කට අඩු පිරිසකගෙන් සමන්විත වනු ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

රාජ්‍ය ආයතන වලට ජනාධිපතිගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ලංඡනය

එමෙන්ම රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ලංඡනය ප්‍රදර්ශනය කරන ලෙසත් මහාමාර්ගවල අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top