Nov 20, 2019

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (21) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අදාල රැස්විම කැදවන ලෙස කතානායක කරූ ජයසුරිය මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක් දැක් වේ. 

මෙම කාරක සභාව හෙට පෙරවරු 11.00ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top