Nov 20, 2019

මහින්ද හෙට අගමැති ධූරයේ දිවුරුම් දෙයි Featured

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) අගමැති ධූරයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

හෙට දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව පැවසේ.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට හෙට දිනයේ දී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

Ranil Sadනව ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සලසමින් තමා අගමැති ධූරයෙන් ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහකා අද (20) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

පක්ෂය ප්‍රතිසංවිධානය කර මහ මැතිවරණයට මුහුණ දෙන බවත්, පක්ෂයේ සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කළ හැකි තරුණ නායකත්ව කණ්ඩායමකට පක්ෂය භාරදීමට කටයුතු කරන බවත් ඔහු එහිදී පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අමතමින් සඳහන් කර ඇත්තේ තමන් ඊයේ (19 ) නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කළ බවත්, නව ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවකාශ සලසනු පිණිස තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉලා අස්වීමට තීරණය කළ බවත්ය.

මේ අතර අද පෙරවරුවේ තමා හමුවූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග පැවැති සාකච්ඡාවකදී "බෞද්ධ ජනකොටස් අතර පක්ෂය පිළිබඳ විශ්වාසය අඩුවී ඇති බව ජනාධිපතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන බව" අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කොට ඇත.

එබැවින් පක්ෂයේ සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කළ හැකි තරුණ නායකත්ව කණ්ඩායමක් ගොඩ නැගීම ප්‍රමුඛ අභියෝගයක් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ.

මේ සඳහා වැඩපිළිවෙළක් ගොඩ නැගීමට ලබන සතියේ ක්‍රියා කරන ලෙස තමන් පක්ෂයේ තරුණ නායකයන්හට කියා සිටින බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා ලත් පරාජයට හේතු පිළිබඳ විශ්ලේෂණය කර, ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සෑදිය යුතු බවත්, ඒ සඳහා පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් සිදු කළ යුතු බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top