ඔහු ජනපතිවරණය පරාජය වීමෙන් පසුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය හැරෙන්නට පක්ෂයය අදාළ ධූරයෙන් ඉවත්වන බවට නිල වශයෙන් දන්වා නැතැයි පැවසේ.
ඒ අනුව ඔහු අද සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සහ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට මෙන්ම ආසන සංවිධායකවරුන්ට අද (21) පෙ.ව. 11.00ට පමණ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව මවුබිම පුවත්පත වාර්තා කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී කළයුතු ආකාරය පිළිබඳව එහිදී ඔවුන්ගේ අදහස් විමසීමට නියමිත බවද පැවසේ.
මේ සාකච්ඡාව සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවන බවද වාර්තා වේ.
PR ඇනිල්ල
මේවන විට සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් ගිණුම හා ට්විටර් ගිණුම පාලනය කරනු ලබන්නේ ප්‍රචාරණ ආයතනයක් විසින් වන අතර සජිත්ගේ දේශපාලන ගමන ගැන නිසි අවබෝධයකින් තොර එහි ප්රචාරක කටයුතු කිරීම නිසා පරස්පරයක් ඇතිව ඇතැයි වාර්තා වේ.
තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉමහත් උද්යෝගයකින් යුතුව කැපකරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසන බවට පලව ඇති වාර්තාවක් හේතුවෙන් ඔහුගේ දේශපාලනය ඉදිරියට ගෙනයාමට කැපවීමෙන් කටයුතු කරන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන කියාකාරීන් අපහසුතාවයට පත්ව ඇතැයි පැවසේ.
PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සිය දිවිය කැපකරන බව ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දක්වා තිබිණි.