OPEN

#

OPEN

#

Nov 21, 2019

කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස්

හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන තිස් 33.9 ක  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කළ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඒ මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට ද නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද (21) සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top