Nov 21, 2019

මහින්ද අගමැති ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියේය.

මේ අතර මහින්ද රාජපක්ෂ අද පස්වරු 3.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

1970 වසරේදී බෙලිඅත්ත ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්‍ෂ මහතා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top