Pasidol
Sathosa Ad Final Sinhala
Feb 01, 2017

ඩෙංගු රෝගීන්ගේ පිහිටට ගස්‌ලබු වලින් හැදූ ඖෂධයක්‌

මෙරට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගස්‌ලබු සාරය ඇසුරින් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බෙහෙත් වර්ගයක්‌  ආනයනය කර රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්‌ථාව හරහා බෙදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඩෙංගු රෝගීන්ගේ අඩුවන රතු රුධිරානු ප්‍රමාණය ගස්‌ලබු සාරය යොදා ගනිමින් වැඩි කර ගත හැකි බව අනාවරණය වී ඇතැයි ඇමැතිවරයා කීය.

ඩෙංගු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වෙමින් පැවැතීම නිසා මෙම ගස්‌ලබු සාරය ඇසුරින් නිපදවූ බෙහෙත් වර්ගය ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වන බව හෙතෙම අවධාරණය කළේය.

පසුගිය දිනක කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක්‌ අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top