Nov 21, 2019

විපක්ෂ නායක සජිත් ද? රනිල් ද?

එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු මේ ලිපියට අත්සන් කර ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top