Nov 21, 2019

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙත් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට (22) වැනිදා‌ෙ තෙක් කල් යනු ඇති බව වාර්තා වේ.

අමාත්‍ය  මණ්ඩලය සීමිත කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අනුව මන්ත්‍රීවරුන් අතර අමාත්‍යාංශ බෙදීමේදී ඇතිව තිබෙන සංකීර්ණත්වය අනුව මෙසේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට දිනය දක්වා කල්ගතවෙනු ඇතැයි පැවසේ.

කැබිනට් මණ්ඩලය 15කට හෝ 16කට සීමා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top