Nov 21, 2019

රවී‌ෙග් පරීක්ෂණවල වාර්තාවක් දෙන්නැයි CIDයට නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 20 වනදා ඉදිරිපත් කරන ලෙස අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් රහස් පොලීසියට නියෝග කළාය.

එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එම විමර්ශනයට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන පෙබරවාරි මස 20 වැනිදා කැඳවීමට නියම කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top