OPEN

#

OPEN

#

Nov 22, 2019

ජනපතිගෙන් මැකෝ කළ ඉල්ලීම පල්වෙයි Featured

පළාත් සභා මැතිවරණය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පැවැත්වීමට සැලැසුම්කර ඇති බැවින් පළාත් සභා මැතිවරණය පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම කල් යනු ඇතැයි වාර්තා වේ.

මීට පෙර පැවැති පළාත් සභා ක්‍රමය සම්මත කෙරෙන පනතක් සම්මත කිරීමට නියමිත අතර, මාර්තු මාසයේදී පාරිලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එම පනත සම්මත කළ හොත් මහ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිදුවන බවැනි එය සිදු නොවනු ඇතැයි පැවසේ.

අදාළ මැතිවරණය පැවැත්වීමට දැනට පවතින ගැටලුව වන්නේ පවතින මැතිවරණ ක්‍රමය සඳහා සීමා නිර්ණය කිරීමේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සම්මත නොවීමය.

කෙසේවුවද, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරයා ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රසිද්ධියේ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අතුරුදහන් කරන ලද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top