Nov 22, 2019

මලිත් ඉවත්වෙන්න බෑ කියයි : තිලංගගේ අසුන මෛත්‍රීට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පිවිසීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ අසුන ලබාදෙන්නැයි ඒ මහතාගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එසේ සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට තමා අසුන ලබාදුන හොත් තමාට පාරේ බැස යාමට නොහැකි වනු ඇතැයි මලිත් මහතා පවසා ඇති බව පැවසේ.

කෙසේවුවද, මලින් මහතා සිය අසුන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සඳහා තිලංග සුමතිපාල මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට කැමැත්ත පලකර ඇති බව මේ අතර වාර්තා වේ.

ඒ වෙනුවනට තිලංග මහතාට රාජ්‍ය ආයතනයක ඉහල තනතුරක් ලබාදීමට නියමිත බවද පැවසේ.

මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර දෙකක් ලබාදීමට නියමිත අතර ඒ සඳහා පත්කරනු ලබන්නේ කවුරුන්ද යන්න මෙතෙක් තිරණය වී නොමැති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top