OPEN

#

OPEN

#

Nov 22, 2019

බැකප් බෑ, නිල සංචාරවලට බිරින්දෑවරුන්ට බෑ - ජනපති Featured

තමාගේ රජයේ කිසිඳු මැති ඇමතිවරයකුට පරිවාර වාහන හෝ අතිරේක ආරක්ෂකයින් සැපයීම වහාම නවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත අදාල බලධාරීන්ට උපදෙස් ලබාදී ඇතිබව වාර්තා වේ.
එසේම මින් ඉදිරියට කිසිඳු ඇමතිවරයකුට විදෙස් නිල සංචාරයන්හිදී සිය බිරිඳ හෝ පවුලේ සාමාජිකයින් සහභාගිකරවා ගැනීම තහනම් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පැවසේ.

ඒ සඳහා පුර්වාදර්ශයක් සපයමින් සිය ප්‍රථම නිල සංචාරය වන ඉන්දීය සංචාරය සඳහා සිය බිරිඳ කැඳවා ගෙන නොයාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top